සමගි ජනබලවේගයෙන් සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වුවහොත් පමණක් මෙවර ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙහි අභ්‍යන්තරයේ සාකච්ඡා වී තිබේ.
එසේ නොවුනහොත් ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙහි ධම්මික පෙරේරා හෝ නාමල් රාජපක්ෂ ඉදිරිපත්වීමට නියමිත බව පැවසේ.
කෙසේ වෙතත් ධම්මික පෙරේරා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා තරග නොකරන්නේ නම් පමණක් බවය.
මේ අතර ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත්ව සිටින ලන්සා කණ්ඩායම ප්‍රකාශ කරන්නේ තමන්ගේ සහය ජනාධිපතිවරයාට ලැබෙන්නේ රාජපක්ෂවරුන්ගේ සහය ලබා නොගන්නේ නම් පමණක් බවය.