ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගිය පිරිස දරුණු ලෙස පිලිස්සී ඇති නිසා සිරුරු හඳුනා ගැනීමද දුෂ්කර වී තිබේ.
සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කරමින් සිටී.
මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවසේ.