27 C
Colombo
18/11/2024

ගාමිණී මාරපන අභාවප්‍රාප්ත වෙයි

Share with your friends :

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් ය.

ගාමිණී මාරපන මහතා, හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වෙයි.

ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකු ලෙස ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා සැලකෙයි.

2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් කළේය.

Share with your friends :