27 C
Colombo
19/01/2025

දේවී ජුවලර්ස්,මුතුකරුපන්,ස්වර්ණමහල්,අම්බිගා හොරෙන් රත්රන් ගෙනත් හසුවෙලා

Share with your friends :

දේවී ජුවලර්ස්,මුතුකරුපන්,ස්වර්ණමහල්,අම්බිගා ඇතුළු මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත

එම නීති විරෝධී රත්රන් තොගය සඳහා රුපියල් කෝටි 4400 ක පමණ දඩ මුදලක් අය කිරීමට නියමිතව ඇති අතර ඇතැම් පිරිසක් හොර පාරෙන් එම රන් තොගය නිදහස් කිරීමේ සූදානමක් පවතින බවද රේගු ආරංචි මාර්ග සඳහන් කරයි

රජයට ගෙවිය යුතු බදු නොගෙවා නීති විරෝධී අයුරින් එලෙස රත්රන් ලබාගෙන තිබූ බව කියන එම ආයතන අතර මෙරට ප්‍රධාන පෙළේ ස්වර්ණාභරණ ආයතන කීපයක්ම තිබෙන බවද වාර්තාවේ

මෙරට ප්‍රධාන ස්වර්ණාභරණ ආයතන කාලයක් තිස්සේ නීත්‍යනුකූල නොවන මාර්ග වලින් ඉන්දියාවෙන් රන් තොග ලබා ගන්නා අතර එම නිසා රජයට වසරකට රුපියල් කෝටි 30000 ක පමණ බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ

Share with your friends :