27 C
Colombo
19/01/2025

එන්නතක් නිසා තවත් මරණයක් ?- ගෙන්වා ඇත්තේ සෂිමාල් ගේ Yaden International

Share with your friends :

පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද පුද්ගලයෙකුට ප්‍රතිජීවක එන්නතක් (Cefuroxime sodium injection BP 750mg ) ලබාදීමෙන් පසු මිය යාම පිළිබඳ ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
31 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇති අතර මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද ජාතික රෝහල පවසයි.කෙසේ නමුත් මෙම මිය යාම සිදුව ඇත්තේ එන්නත විෂ වීමෙන්ද එසේ නැත්නම් වෙනත් හේතුවකින්ද යන්න පරීක්ෂණය මගින් අනාවරණය කර ගත කිරීමට බලාපොරොත්තු වන බවද රෝහල කියා සිටී.

රෝගියාට ලබා දුන් එන්නත් කාණ්ඩය Batch number VLL 040 මේ වන විටත් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇත. එම එන්නත Opsonin Pharma Limited , Rupatali, Barishal, Bangaladesh සමාගමේ නිෂ්පාදනයක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
අදාළ එන්නත මෙරටට ගෙන්වා ඇත්තේ යාදීන් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Yaden International (Pvt) Ltd) විසිනි.
සෂිමාල් දිසානායක නැමැත්තා එහි හිමිකරු වෙයි. මෙරට විශාලතම අල්ලස් මුදලක් ගනිද්දී නීතියේ රැහැනට හසුව දැනට සිර දඬුවම් විඳින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ පී. දිසානායක සෂිමාල්ගේ පියාය. අදාළ සමාගම කොවිඩ් සමයේ ඖෂධ වෙළඳාමෙන් ඉතාම අසාධාරණ ලෙස අයතා ලාභ ලැබූ බවටද චෝදනා එල්ලවී තිබේ.

Share with your friends :