27 C
Colombo
18/11/2024

ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී – කසුන් මහේන්ද්‍ර සමග යුග දිවියට

Share with your friends :

අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනිගේ එකම දියණිය මාධවී වත්සලා නැවත යුග දිවියට පිවිස තිබේ. ඇය අතගත් මනාලයා කසුන් මහේන්දු හීනටිගලයි. ගීත රචකයෙකු හා මියුසික් වීඩියෝ නිර්මාණකරුවෙකු වන ඔහු නිර්මාණ වලට ‘නම් තැබීමේ’ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.
විවාහයට පෙර පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කසුන් කල ප්‍රකාශයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
“කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා.ජීවිතේ අවබෝධකරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට ‘සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ.
මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා.
මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි.
මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිදෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!” යනුවෙන් එහිදී කසුන් , මාධවී ගැන තම හිතේ පවතින අදහසත් ආදරයත් නොවලහා මාධ්‍ය වෙත පවසා තිබුණි.

Photography | Dark Room
Wedding Planner | Siritha Wedding Planner
Madhavee’s MUA | Salon Nadia
Kasun’s MUA | Salon 101

Share with your friends :