27 C
Colombo
18/11/2024

පේරාදෙණියේ අනධ්‍යන ලොක්කෝ කඩාකප්පල්කාරී ක්‍රියාවල -යතුරුත් අරගෙන

Share with your friends :

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුරු 21ක් නීති විරෝධී ලෙස වැඩ බලන ප්‍රධාන ආරක්ෂක නිලධාරියා තම බාරයේ තබාගෙන සිටින බව එම පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි .

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට සමගාමීව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වර්ජනයට එක්ව සිටින වැඩ බලන ආරක්ෂක නිලධාරිවරයා සහ මූල්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් කඩවී ඇති බවද ඒ මහතා පවසයි .

ශාස්ත්‍ර පීඨය මගින් සංවිධානය කොට ඇති අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ ව්‍යාපෘති තුනක් මැයි මස 31 සහ ජුනි මස 04 දිනවල පැවැත්වීමට සූදානම් කොට ඇති බව පැවසූ පීඨාධිපතිවරයා එහි සම්මන්ත්‍රණ හා ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම මෙම වැඩ වර්ජනය සහභාගි වී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධිකාරිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් වළක්වා ඇති බවද පැවසීය .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේපල පොදු දේපල යටතට ගැනෙන බව සඳහන්ය.

Share with your friends :