27 C
Colombo
19/01/2025

සිංගප්පූරු යානයේ අභ්‍යන්තරයේ වායු කැළඹීමක්-මගියෙක් මරුට-30 කට තුවාල

Share with your friends :

ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් සිංගප්පූරු ගුවන් සේවයේ SQ 321 දරන බෝයින් 777-300 යානය තායිලන්තයේ බැංකොක් නගරය වෙත හදිසි ගොඩ බැසීමක් සිදු කර ඇත.තුවාල ලබා ඇති මගීන් සංඛ්‍යාව 30 කි.
එම යානයේ මගීන් 211 ක් සහ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ගමන් කර ඇත.

එක් වරම සීට් බෙල්ට් ලකුණ පැමිණි බවත් ඒ සමගම යානය එක්වරම පහලට ඇදී ගිය අතර මගීන් ඒ මේ අත යන්නට වූ අතර එයින් මගීන් තුවාල ලැබූ බවත් මගීහු පවසති. ඒ සමගම මගීන්ගේ බඩු හා විවිධ ද්‍රව්‍ය වතුර ,බෝතල් කෝපි කෝප්ප ගුවන් යානය තුල එහා මෙහා පාවෙන්නට පටන්ගෙන ඇති අතර තුවාල ලැබූ මගීන්ගේ හිස් වලින් හා කන් වලින් ලේ ගලන්නට පටන් ගෙන තිබේ. මගීන් වේදනාවෙන් හා බියෙන් කෑගසන්නට පටන් ගෙන තිබේ. මේ අතරේ පිරිමි මගියෙකු මිය ගොස් තිබේ.

Share with your friends :