27 C
Colombo
19/01/2025

සිංගප්පූරු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි – ලෝකයේම ගුවන් මගීන් කැළඹෙයි

Share with your friends :

ලන්ඩනයේ සිට සිංගප්පූරුව වෙත ගමන් කල සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයක් තුල සිදුවූ දැඩි වායු කැලඹීමක් (Turbulence) හේතුවෙන් එක් මගියෙකු මියගොස් තවත් මගීන් 30 තුවාල ලැබීමේ සිද්ධිය සිදුවූ ආකාරය මේ වන විට හෙළිවී තිබේ. සිද්ධියෙන් ලොව පුරා ගුවන් සේවා මෙන්ම ගුවන් මගීන්ද දැඩි කැළඹීමට පත්ව සිටිති.

යානය ගුවන් ගතවී පැය 11 ක පමණ කාලයක් ගත පසු තායිලන්තය ආසන්නයේදී එක්වරම අඩි 5000 ක් පමණ පහලට වැටී තිබේ.
බොහෝ මගීන් ඒ වන විට ආසන පටි පැළඳ නොසිට ඇති අතර ඔවුන් එක්වරම ඉහලට ඇදී ගොස් හිස ගමන් මලු කැබින් වල වැදී තුවාල වී ඇත. බොහෝ දෙනෙකුගේ ඔලුව ඉහල ලයිට් වල වැදී තුවාල වී ඇති අතර ඇතැමුන් ගුවන් යානය තුල එහා මෙහා විසිවී තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් සිංගප්පූරු ගුවන් සේවයේ SQ 321 දරන බෝයින් 777-300 යානය තායිලන්තයේ බැංකොක් නගරය වෙත හදිසි ගොඩ බැසීමක් සිදු කර ඇත.තුවාල ලබා ඇති මගීන් සංඛ්‍යාව 30 කි.එම යානයේ මගීන් 211 ක් සහ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු ගමන් කර ඇත.

එක් වරම සීට් බෙල්ට් ලකුණ පැමිණි බවත් ඒ සමගම යානය එක්වරම පහලට ඇදී ගිය අතර මගීන් ඒ මේ අත යන්නට වූ අතර එයින් මගීන් තුවාල ලැබූ බවත් මගීහු පවසති. ඒ සමගම මගීන්ගේ බඩු හා විවිධ ද්‍රව්‍ය වතුර ,බෝතල් කෝපි කෝප්ප ගුවන් යානය තුල එහා මෙහා පාවෙන්නට පටන්ගෙන ඇති අතර තුවාල ලැබූ මගීන්ගේ හිස් වලින් හා කන් වලින් ලේ ගලන්නට පටන් ගෙන තිබේ. මගීන් වේදනාවෙන් හා බියෙන් කෑගසන්නට පටන් ගෙන තිබේ. මේ අතරේ පිරිමි මගියෙකු මිය ගොස් තිබේ.

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ගුවන් යානා තුල සිදුවන දැඩි වායු කැලඹීමේ තත්වයන් ඉහළයාමට එක් හේතුවක් බව පර්යේෂකයෝ පවසති.

Share with your friends :