27 C
Colombo
18/11/2024

කිරිඇල්ල – යාපා බණ්ඩාර ගැටෙයි – මහනුවර මනාප සටන ඇරඹෙයි

Share with your friends :

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සමගි ජන බලවේගයට පසුගියදා සම්බන්ධ වුනු මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අතර ගැටුම්කාරී තත්වය මේ වන විට උග්‍ර වී තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පසුගිය දිනෙක වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාව දැඩි දෝෂ දර්ශනයට ලක් කලේ ඔහු සාමුහිකව කටයුතු නොකරන බව පවසමිනි.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටිනවා ,ඔවුන් සාමූහිකව වැඩ නොකරන්නේ නැහැ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සමඟ ජන බලවේගයට ආ මන්ත්‍රීවරුන්ට මැතිවරණයේදී නාමයෝජනා දෙන බවට පොරොන්දුවක් ලබාදී නැහැ.සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිවෙකුටත් පක්ෂයේ ඉඩක් නැහැ ,

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණි අය අතර හොඳ අයත් ඉන්නවා ,මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුද සමග ජන බලවේගයට සම්බන්ධවී සිටිනවා ,ඔහු මෑතකදී කිසිවෙකුටත් අදහා ගත නොහැකි කටයුත්තක් කරලා

ජවය නමැති සමග ජන බලවේගයේ අනුබද්ධ සංවිධානය මේ මාසයේ 18 වැනිදා වැඩසටහනක් සංවිධාන කර තිබූ තිබුනා, එම රැස්වීමට ලියුම් යැව්වේ සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා ,
දිස්ත්‍රික් නායකයා වශයෙන් මම වත් ඒ සම්බන්ධයෙන් ලිපි යැව්වේ නැහැ. ඒත් අර මන්ත්‍රීවරයා ව්‍යාජ ශීර්ෂ සකසා ජවය වැඩසටහනට සහභාගි වන ලෙසට දිස්ත්‍රික්කයේ ප්‍රබලයන්ට පවා ලිපි යවලා ,

මේ ආකාරයට ව්‍යාජ ලිපි සකස් කිරීම දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් කළ හැකි වරදක් .

“මේ වගේ අය එක්ක අපි කොහොමද වැඩ කරන්නේ” යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මේ අතර ඊට පිළිතුරු දෙමින් “තමා සන්ධානගත වූයේ ජාතික නායකයන් සමඟ හෙයින් දිස්ත්‍රික් නායකයන් කියන කතා ගණන් නොගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය.

තමා ව්‍යාජ ලේඛන සකස් කර ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයට යා හැකි බවද ඔහු සඳහන් කළේය.

Share with your friends :