වෙඩි ප්‍රහාරයකට ලක්වූ ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ ගේ තත්වය සුව අතට හැරී තිබේ.
මේ වන විට ඔහු ජීවිත අවදානමෙන් මිදී ඇතත් තවමත් බරපතල තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ උරහිසට සහ උදරයට තුවාල සිදුවී තිබිණි.
මීලඟ පැය කිහිපය අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයේ තීරණාත්මකම පැය කීපය වනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දුන්නේය.
සිද්ධිය සිදුවූ ස්ථානයේදී තුවක්කුකරු අ ත්ඩංගුවට ගැනීමට ස්ලෝවැකියා පොලිසිය සමත් වූ අතර ඔහු 71 හැවිරිදි සාහිත්‍යධරයෙකි. මෙම සිද්ධියට තවත් පිරිස් සම්බන්ධ බවට එරට ආරක්ෂක අංශ පවසයි.
අග්‍රාමාත්‍ය ෆිකෝ රුසියානු හිතවාදියෙකු ලෙස ප්රකටය.