27 C
Colombo
20/01/2025

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති ට ලිපියක්

Share with your friends :

බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට කටයුතු කරන ලෙසට ය.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016දී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි. එම ලිපියේ දැක්වෙන්නේ…

– උපුටා ගැනීම-
“පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදිකරමින් කටයුතු කළ අතර සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද පියවර ගනිමින් කටයුතු කර ඇත. ඒ තුළින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්තවීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසකි. තවද ‘ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ‘ සභාපති ධුරයද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටයුතු කර ඇත. ඒ අනුව ජාතික සමගිය මෙන්ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් එම ස්ථවිර තැන කටයුතු කර ඇති බව පැහැදිලි වේ. කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමු කොට වෙසක් පුණ්‍ය මහෝත්සවය ද නිමිතිකොට ගෙන ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන්නැයි හිතධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනවා.”

Share with your friends :