27 C
Colombo
20/01/2025

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගුවන් අනතුරෙන් මරුට

Share with your friends :

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇතැයි ඉරාන රජය පවසයි.
අනතුරට පත් යානය කඩා වැටුන ස්ථානයට මේ වන විට සහන කණ්ඩායම් සමත් වී තිබේ.ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, ඉරාන විදේශ ඇමැති සහ පිරිස ගමන් කරමින් සිටිද්දී කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් හමුවුණු බව, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන ඉරාන රතු අඩකව සංවිධානය පවසයි.
ඉරාන රතු අඩකව සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ, කඩා වැටුණු ස්ථානයෙන් කිසිවකු පණ පිටින් සිටිනු පෙනෙනු දකින්න නොලැබෙන බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.
යානයේ සිටි සියලු දෙනාම මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. අනතුරින් එරට විදේශ ඇමති හුසේන් අමීර් ද මිය ගොස් තිබේ.
එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. ජනාධිපතිවරයාට හා යානයේ ගමන් කල පිරිසට කුමක් සිදුවූයේද යන්න තවමත් කිසිදු පැහැදිලි තොරතුරක් නොමැත.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් යාඥා කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි ජාතිය අමතමින් පැය කීපයකට පෙර ප්‍රකාශ කළේය.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරකට මුහුණ දුන් අතර ඉරාන රජය මුලින් ප්‍රකාශ කලේ හෙලිකොප්ටරය හදිසි ගොඩ බැස්මක් කර ඇති බවය.
සහන කණ්ඩායම් ඒ වෙත ලඟා වන්නට පැය ගනනාවක් ගතවුයේ අයහපත් කාලගුණය හේතුවෙනි.
නැගෙනහිර අසර්බයිජානයේ ආණ්ඩුකාරවරයාද යානයේ ගමන් කර ඇත.
ඊබ්‍රහිම් රාසි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිගේ සමීපතමයෙකු වන අතර මීළඟට එම තනතුරට පත්වන්නට නියමිත පුද්ගලයා විය.අයතුල්ලා කුමේනි 85 හැවිරිදි ය. රාසි මීට පෙර එරට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කල අතර 2021 දී එරට ජනාධිපති ධුරයට පත්විය.
එරටට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා සඳහා නඩත්තු කටයුතු වලට බාධා පැමිණ තිබේ.
ඉරානය හා අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඉරාන ජනාධිපතිවරයා එහි ගොස් තිබිණි. ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටර දෙකක් ගමන් කල අතර අනෙක් හෙලිකොප්ටර දෙක නිරුපද්‍රිතව ගමන්නාතයට පැමිණ තිබිණි.
ඉරාන උප ජනාධිපති Mohammad Mokhber, වැඩබලන ජනාධිපති ලෙස පත්වන අතර එරට ව්‍යවසතව අනුව ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඉල්ලා අස්වුවහොත් දින පනහක් ඇතුලත ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙක් පත් කර ගත යුතුය.

Share with your friends :