ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල හෙලිකොප්ටර් යානය සොයා ගැනීමට ඉරාන ආරක්ෂක අංශ සමත්වී තිබේ.
එහෙත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි ගමන් කල බව පැවසෙන හෙලිකොප්ටරය නැගෙනහිර අසර්බයිජානයේදී අනතුරකට මුහුණදී තිබේ.
ඉරාන රජය පවසන්නේ හෙලිකොප්ටරය හදිසි ගොඩ බැස්මක් කර ඇති බවත් සහන කණ්ඩායම් ඒ වෙත ලඟා වෙමින් සිටින අතර අයහපත් කාලගුණය ඊට බාධා වී ඇති බවත්ය.අනතුරෙන් පසුව මේ දක්වා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් නොමැත.
ඉරාන විදේශ ඇමති හුසේන් අමීර් හා නැගෙනහිර අසර්බයිජානයේ ආණ්ඩුකාරවරයාද යානයේ ගමන් කර ඇත.
ඊබ්‍රහිම් රාසි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනිගේ සමීපතමයෙකු වන අතර මීළඟට එම තනතුරට පත්වන්නට නියමිත පුද්ගලයාය.අයතුල්ලා කුමේනි 85 හැවිරිදි ය. රාසි මීට පෙර එරට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කල අතර 2021 දී එරට ජනාධිපති ධුරයට පත්විය.
එරටට පනවා ඇති සම්බාධක හේතුවෙන් ගුවන් යානා හා හෙලිකොප්ටර් යානා සඳහා නඩත්තු කටයුතු වලට බාධා පැමිණ තිබේ.
ඉරානය හා අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඉරාන ජනාධිඅපතිවරයා එහි ගොස් තිබිණි. ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටර දෙකක් ගමන් කල අතර අනෙක් හෙලිකොප්ටර දෙක නිරුපද්‍රිතව ගමන්නාතයට පැමිණ තිබේ.
previous post