සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාව නුවරඑළිය මැතිවරණ කොට්ඨාශයේ සංවිධායකවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ මයන්ත දිසානායක මහතා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ආසනයේ සමග ජන බලවේග සංවිධායකවරයා ලෙස කටයුතු කරන දිසානායක මහතා තමන්ට සිය පියා වූ හිටපු විපක්ෂ නායකවරයෙකු , අමාත්‍යවරයෙකු මෙන්ම ජනපති අපේක්ෂකයකුද වූ ගාමිණී දිසානායක මහතා නියෝජනය කළ නුවරඑළිය – මස්කෙලිය ආසනය ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් කිහිප වතාවක් ඉල්ලීම් කොට තිබුනා.
නුවරඑළිය මැතිවරණ කොට්ඨාසයේ සංවිධායක ධුරයට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමග ජන බලවේග නායකයා ලෙසද මයන්ත දිසානායක මහතා පත් කිරීමට නියමිතව තිබෙන බවට ද තොරතුරු වාර්තා වනවා.
මයන්ත දිසානායක මහතා වත්මන් පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙසයි