ජනාධිපතිවරණය ඔක්තෝම්බර් 5 හෝ 12 පැවැත්වීමට නියමිතය.මහා මැතිවරණය මුලින් පවත්වන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුව ජුලි 15 වැනිදාට පෙර විසුරුවා හැරිය යුතුය.
මැතිවරණ පැවැත්වීම සඳහා ගත හැකි දින පිළිබඳව කොමිසම පරීක්ෂා කර සෙනසුරාදා දිනයන් වන ඔක්. 5 හෝ 12 වඩා සුදුසු බවට දින දෙක සලකා බලා ඇත.
පසුගිය සතියේ මැතිවරණ කොමිෂන් සභාව නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධානවලට අනුකූලව මෙම වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවයි.
නීත්‍යානුකූලව, මේ වසරේ ජූලි 17 වැනිදායින් පසුව නාමයෝජනා භාරගන්නා දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ඇත. නිවේදනයෙන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා භාර ගත යුතුය. ප්‍රතිපාදන යටතේ අවම වශයෙන් දින 28ක සහ උපරිම දින 42ක කාලසීමාවක් ප්රචාරක කටයුතු සඳහා ලබාදිය යුතු බව කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණය සඳහා රුපියල් බිලියන 10ක් ඉල්ලා ඇති බවත්, අවශ්‍යතාවය අනුව මුදල් ඉල්ලා සිටින බවත්ය.
කෙසේ වෙතත් අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් වියදම් වැඩි විය හැකි බව ඔහු පැවසීය. “අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වන තරමට වියදම් වැඩි වේ.” අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්දය පැවැත්වීමේ කාලය ද ඒ අනුව වැඩි වන බව ඔහු පැවසීය.