27 C
Colombo
19/01/2025

ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට …

Share with your friends :

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක යුද විරෝධී සන්ධානය පලස්තීනයට සාමය රැගෙන ඒමට, ඇමරිකාවට බල කෙරෙන සාම පාගමන කොළඹදී පැවැත්විණි.
එහිදී ආරක්ෂක අංශ කොල්ලූපිටිය මංසන්ධියේදී ඊට අවහිර කරනු ලැබීය.

එහිදී ආරක්ෂක අංශ සහ සාමය පා ගමනට පැමිණ සිටි සාමකාමී මිනිසුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා, ලෝක යුධ විරෝධී සන්ධානයේ සභාපති රාජිත අබේගුණසේකර, පූජ්‍ය පාහියන්ගල හාමුදුරුවෝ, ඇතුළු හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඇමරිකානු තානාපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියකු හමුවීම සඳහා රැගෙන යන ලදී.

සංදේශය බාර දීමෙන් අනතුරුව පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස මාධ්‍ය සහ පැමිණ සිටි සාමකාමී උද්ඝෝෂකයන් දැනුවත් කලා. ” ඇත්තටම මේ වෙලාවේ අපි කියන්න ඕනේ අපි මේ ඉතාම සාමකාමී පා ගමනක් සංවිධානය කළේ. මේක සංවිධානය කළේ ලෝක යුද විරෝධී සන්ධානය යටතේ එම නිසා කඩාකප්පල්කාරී හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට අපිට කිසිම උවමනාවක් නැහැ. ආරක්ෂක අංශ විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට යාමට නොදී සාමකාමී පෙළපාලිය මග නතර කිරීම අපි හැමෝම හෙලා දකිනවා.”

” ඇමෙරිකානු තානාපති කාර්යාලයේ බලයලත් නිලධාරියෙකු විසින් අපගේ සංදේශය බාර ගනු ලැබුවා. මම සහ සර්ව ආගමික පූජකයන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඊශ්‍රායලය වෙත කෙරෙන යුධ ආධාර නවත්වන ලෙසයි. තවද පලස්තීනයේ දින දින අනාථ වන පලස්තීන වැසියන් වෙත වහා සාමය ගෙන එන ලෙසයි. සංඛ්‍යා දත්ත අනුව පලස්තීනය මේ වන විට වැටී ඇති දරුණු ආගාධය පිළිබඳව අප විසින් ඔවුන්ව දැනුවත් කරනු ලැබුවා ” යැයි රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

” බලවත් රාජ්‍යයන් විසින් කුඩා රාජ්‍යයන් හුදකලා කර මිනිස්සුන්ගේ අයිතිවාසිකම් මුලිනුපුටා දැමීම පිළිබඳව කිසිසේත් අපි සතුටු වෙන්නේ නැහැ. මෙතනට පැමිණ සිටින හැමෝම වගේම බහුතරයක් දෙනා යුද්ධයට විරුද්ධයි. ඊශ්‍රායලය පලස්තීනය හෝ, යුක්රේනය රුසියාව හෝ, ආමිනියාව අසර්බයිජානය හෝ යුද්ධය යුද්ධයමයි. එයින් අසරණ වන මිනිසුන් මොන රටක උනත් මිනිසුන්මයි. ඒ සියල්ලම වෙනුවෙන් ඔබ හැමෝගෙම සහයෝගයෙන් මේ ලෝක යුද විරෝධී සන්ධානය අපි ශක්තිමත් කළ යුතුයි. පාට පක්ෂ ජාති ආගම් බේද නැතුව කළු සුදු භේද නැතුව මානවවාදී මිනිසුන් ලෙස අපි අපේ යුතුකම ඉටු කරමුයැයි ” ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සර්ව ආගමික නියෝජිතයින්, සිවිල් සංවිධාන මෙන්ම, බහුජන සංවිධාන, පුද්ගලික සමාගම් වල සේවකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රදේශීය සභා පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට සහභාගී වුහ.

Share with your friends :