ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
තමන් ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ඕනෑම අයෙක් සමඟ ඕනෑම ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවද හෙතෙම කියා සිටී.
ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය මුලින් පවත්වා එහි එන ප්‍රතිඵලය මත ඊළඟ ජනාධිපතිවරණයෙන් නැවත බලය ලබා ගැනීමට උත්සාහයක් දැරීමට බවද හෙතෙම කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.