27 C
Colombo
19/01/2025

පාර්ලිමේන්තුව මැයි 22 රැස්වෙයි-පක්ෂ මාරු ගැනත් තීරණාත්මක දිනයක්

Share with your friends :

පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

මේ අනුව මැයි 22 වනදා පෙව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්‍රයේ පළ ‍කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක එදින පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව පෙව 9.45 සිට පව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයවූ බව මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ අතර අදාළ පනත් කෙටුම්පත් සඳහා පක්ෂව විපක්ෂව කරුණු දැක්වීමට ආණ්ඩුවේත් විපක්ෂයේත් පිරිස් සුදානමින් සිටිති. මෙහිදී පක්ෂ මාරු ගනනාවක් ඇති දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Share with your friends :