කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බවත් එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී ඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අනාගත හරිතවාදී ආර්ථිකයක පෙර නිමිති පෙන්නුම් කරන්නක් බව කිවයුතුයි. මෙවැනි පෞද්ගලික ව්‍යවසායකයින්ගේ දායකත්වය ඇතිව කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන රට තුළ පුළුල් කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව මෙම වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙහි පළමු අදියර යටතේ ප්රාදේශය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ටද අවස්ථාව තිබෙනවා. ඊට අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අද ලෝකයේ අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා. 2050 වන විට අක්කරයකින් ආහාර ලබා දිය හැකි ප්‍රමාණය 255 දක්වා වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටවල් සූදානම් විය යුතු අතර ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි.
ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙළා ගැනීමට අවශ්‍ය තාක්ෂණය අප භාවිතා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට කටයුතු කිරීම අවශ්‍යයි. අද මේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ දීපව්‍යාප්තව සිදුකිරීමෙන් රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව මම විශ්වාස කරනවා.”