ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග අද (16) පැවැති සාකච්ඡාවෙන් පසුව ඒ මහතා එසේ පැවසීය. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එම සාකච්ඡාවට සහභාගි විය.