27 C
Colombo
20/10/2024

ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ

Share with your friends :

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් මොළයේ ස්ථිර ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් විසින් මෙම සුවිශේෂී මහාධිකරණ හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.

කොරෝනා වසංගතය පාලනය සඳහා හඳුන්වාදුන් එම එන්නත මගින් රෝගය පාලනය කිරීමට විශාල සහායක් ලැබුණු බව ද සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත වසරක් තුළ එන්නත් මාත්‍රා බිලියන 3ක් ලොවපුරා බෙදාරියේය. එම එන්නත නිසා ඇති කෝටි ගණනකගේ ජීවිත බේරාගැනීමට හැකිවූ බව ඇස්ට්‍රාසෙනෙකා සමාගම සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත නිසා රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව එම ආයතනය පිළිගැනීමෙන් පසුවය එන්නත බෙදාහැරීම හා ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට චෝදනා කරමින් ලොව පුරා විවිධ පාර්ශ්ව එම සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයන් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පවරපු නඩුවකදි ඇස්ට්‍රාසෙනිකා නිෂ්පාදනය කරන සමාගම සංකූලතා දුලබව ඇතිවන බව පිළිගත් දෙයක් බවත් එය ඔවුන් ඊට කලින්ද පිළිගෙන තිබූ කාරණයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සංකූලතා ඉදිරියට බලපාන දෙයක් නොවන බව පැවසූ විජේවික්‍රම මහතා එන්නත් ගත් කාලයේදී ඇති වූ සංකූලතාවක් පමණක් බවද ප්‍රකාශ කළේය.

ඒ නිසා එන්නතෙන් ඒ වගේ අහිතකර බලපෑමක් ඇතිවන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළේය.

Share with your friends :