27 C
Colombo
19/01/2025

සීක් නායකයාගේ ඝාතනයට කැනඩාව සිවුවන ඉන්දියානුවාත් අත්අඩංගුවට ගනී

Share with your friends :

ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇති කළ කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි අමන්දීප් සිං නමැති ඉන්දීය ජාතිකයෙකි.
මීට පෙරද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුනේ කරන් බ්‍රාර් නැමති 22 හැවිරිදි පුද්ගලයෙකු සහ කමල් ප්‍රීත් සිං නැමති 22හැවිරිදි අයෙකු සහ 28 හැවිරිදි කරන් ප්‍රීත් සිං නැමති සැකකරුවන් තිදෙනෙකු බව වාර්තා වල සඳහන් වේ.

ඔවුන් තිදෙනාටම මිනීමැරීම , මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඉදිරියේදී මීට සම්බන්ධ තවත් පිරිස් අත්අඩංගුවට ගන්නා බව කැනේඩියානු බලධාරීන් පවසා තිබේ.

වෙනම කාලිස්ථානයක් වෙනුවෙන් සටන් කල 45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය මෙම ඝාතනයට සම්බන්ධ බවට චෝදනා කිරීමත් සමඟ ඉන්දීයාව එය ප්‍රතික්ෂේප කළ අතර පසුව මෙය රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් දක්වා වර්ධනය විය.

Share with your friends :