27 C
Colombo
19/01/2025

මැතිවරණ දෙකම එකම දිනෙක පවත්වන්නට හැකිබව මැතිවරණ කොමිසම කියයි

Share with your friends :

ජනාධිපතිවරණය හා මහා මැතිවරණය එකම දිනෙක පවත්වන්නට තමන්ට හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
ජනාධිපතිවරණය කැඳවීම ජුලි 17 වැනිදායින් පසුව ඕනෑම මොහොතක සිදු කරන්නට මැතිවරණ කොමිසමට බලය තිබේ. මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශ කල දින සිට දින 66 කට පසුව ජනාධිපතිවරණය පවත්වන්නට මැතිවරණ කොමිසමට හැකියාව තිබේ. එසේම ජනාධිපතිවරණය හා මහා මැතිවරණය දෙකම එකම දවසක අවශ්‍යනම් පවත්වන්නට හැකි බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය හා මහා මැතිවරණය දෙකම එකම දිනයක පවත්වන්නේ නම් ඒ සඳහා වියදම අදාළ මැතිවරණ දින දෙකක පවත්වනවාට විශාල වශයෙන් අඩුවන අතරම වැඩිපුර ඡන්ද පෙට්ටි හා නිලධාරීන් සුළු ප්‍රමාණයක් පමණක් අවශ්‍ය වනු ඇති බව තේරීම් බාර නිලධාරීහු පෙන්වාදී තිබේ.. කෙසේ වෙතත් ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයකට මැතිවරණ කොමිසම සුදානමින් සිටින බවද මැතිවරණ කොමිසම පවසයි.
පසුගිය දිනවල ඉන්දුනීසියාවේ ,මැතිවරණ පහක් එකම දිනෙක පවත්වන ලදී.

Share with your friends :