27 C
Colombo
19/01/2025

දේශීය පාවහන් සමාගම් ජනතාව සූරාගෙන කති-බිලියන ගණන් අසාධාරණ ලාභ

Share with your friends :

මෙරට පාවහන් නිපදවන සමාගම් ජනතාව ගසා කමින් විශාල ලෙස අසාධාරණ ලාභ උපයන බවට ජනතාව චෝදනා නගති.
මේ වන විට දේශීයව නිපදවන පාසල් දරුවන්ගේ පාවහන් යුගලක මිල රුපියල් 3500 ත් 4000 ත් අතරවේ. එහෙත් මෙවන් පාවහන් යුගලක් නිපදවීමට වැය වන්නේ රුපියල් 500 කටත් වඩා අඩු මුදලකි.
විදෙස් රටකින් මෙරටට ආනයනය කරන ලද පාවහන් යුගලයක් සඳහා අවම වශයෙන් රුපියල් 2,000ක බදු මුදලක් අයකරනු ලබයි. මේ තරම් බදු මුදල් වැඩි කර ඇත්තේ දේශීය පාවහන් සමාගම් වල බලපෑම් නිසාය. මේ නිසා විදෙස් පාවහන් ගෙන ඒමට කිසිවෙක් කටයුතු නොකරන අතර ඒ හේතුවෙන් දේශීය පාවහන් සමාගම් වල ලාභය විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.
මේ අතර දේශීය පාවහන් සමාගම් අපනයනය සඳහා පාවහන් නිෂ්පාදනය කරන්නට යැයි පවසමින් තීරුබදු රහිතව අමුද්‍රව්‍ය ගෙන්වා මෙරට වෙළඳපොලේ සොරෙන් අලෙවි කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලයේ වාර්තාවූ අතර එහිදී මෙරට ප්‍රධානතම දේශීය සමාගමකට කෝටි ගණනක රේගු දඩයක්ද නියම විය.

දේශීයව නිපදවන පාවහන් මිලට වඩා ඉතා අඩු මිලකට ජනතාවට ලබා දිය හැකිව තිබියදී මෙලෙස විශාල ලාබ ලබමින් අසීමිත ලෙස ජනතාව ගසා කෑම මහපොළොව නුහුලන අපරාධයක් බවත් විශේෂයෙන්ම ජනතාව මෙතරම් අසීරුතාවන්ට පත්ව සිටින මේ අවස්ථාවේ පාසල් දරුවන්ගේ සපත්තු වලින්ද විශාල ලෙස ගසාකෑම අපරාධයක් බවත් ජනතාව චෝදනා කරති.

Share with your friends :