27 C
Colombo
19/01/2025

ඉරාන ගුවන් සේවයක් ගැන ශ්‍රීලංකාවට ඇමරිකානු විරෝධය

Share with your friends :

ඉරානයට අයත් පෞද්ගලික ගුවන් සේවාවක් වන ‘මහන් එයාර්’ (Mahan-Air) සමාගමේ යානාවලට ශ්‍රී ලංකාව සමඟ ගුවන් මෙහෙයුම්
සඳහා අවසර දීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් දැඩි විරෝධය පළ කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

1991 ආරම්භ කරන ලද දැනට ගුවන් යානා 32කින් මෙහෙයුම් කටයුතු කරන ‘මහන් එයාර්’ ගුවන් සේවය ඉරානයේ ත්‍රස්තවාදයට ද්‍රව්‍යමය හා ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් ලෙස වර්ෂ 2011 දී ඇමෙරිකාව විසින් නම් කරන ලදී.

එසේම දැනට මහන් එයාර් ගුවන් සේවය ජර්මනිය, ප්‍රංශය, සිරියාව, ඉතාලිය, ස්පාඤ්ඤ, ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක්ම තහනම් කර තිබේ.

එහෙත් දැනට ඉරානයට හිතවත් රටවල් 10ක ගමනාන්ත 44කට සිය ප්‍රවාහන කටයුතු කරන ‘මහන් එයාර්’ සමාගම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමටද අවසර පැතීය.

ඒ අනුව ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

Share with your friends :