රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු ධුරයෙන් ඉවත් කර තිබේ.
ඔහුගේ දිගුකාලීන මිත්‍රයෙකු වූ සර්ජි ෂොයිගු ධුරයෙන් ඉවත් කිරීම ලොව පුරා රටවල විමතියට හේතුවී තිබේ.
සර්ජි ෂොයිගු රුසියානු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට සූදානම් වන බව ක්‍රෙම්ලිනය නිවේදනය කරයි.
68 හැවිරිදි ඔහු 2012 වසරේ සිට එම දැරූ අතර පුටීන්ගේ සමීපතමයෙකි.
රුසියාවේ නව ආරක්ෂක ඇමතිවරයා ලෙස රුසියානු නියෝජ්‍ය අගමැති අන්ද්‍රෙයි බෙලසොව් ලෙස පත් කිරීමට නියමිතය.
ෂොයිගු යුක්රේනය සමඟ රුසියාවේ යුද්ධයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලදී.