දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.අරවින්ද් කෙජ්රිවාල් යනු දූෂණයට එරෙහිව විශාල සටනක් කල ඉන්දීය දේශපාලනඥයෙකි.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ජාතික විමර්ශන ඒජන්සිය විසින් පරික්ෂණයක් ආරම්භ කර තිබුණි. ඒ, දිල්ලි ආණ්ඩුකාර වී.කේ. සක්සේනාගේ චෝදනා වලට අදාළවය.
මහ ඇමැති කෙජ්රිවාල් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය රජය විසින් විපක්ෂයේ නායකයන් රැසක් මේ වන විට අභූත චෝදනා මත සිරගත කර ඇතැයි ඉන්දීය විපක්ෂය චෝදනා කරයි.