27 C
Colombo
19/01/2025

රනිලුයි – මහින්දයි දෙපැත්තේ තියාගෙන ධම්මික කරපු අලුත්ම වැඩේ

Share with your friends :

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් නවතාලීම සඳහා හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වාදීම ඩීපී එඩියුකේෂන් වැඩසටහන විසින් අද (10) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිදුකරන ලදී.

එහිදී කාන්තාවක් යම්කිසි පාර්ශ්වයක් අතින් ශාරීරිකව හෝ වාචිකව හිංසනයට ලක්වන විට “මට හිරිහැරයක්” යන පණිවිඩය ලබාදීම සඳහා එක් අතක් පපුව හරහා හදවත ඉදිරියෙන් තැබීම, “ඔබ මට හිරිහැරයක්. මට අන් අයගේ උදව් අවශ්‍යයයි” යන පණිවිඩය ලබාදීම සඳහා අත්දෙකම පපුව හරහා තැබීම, හිංසනයට පාදක වූ පාර්ශ්වයට “මට සමාවන්න, මම එසේ නොවන්නම්” යන පණිවිඩය ලබාදීම සඳහා එක් අතක් නළල මත තැබීම යනුවෙන් හස්ත සංඥා තුනක් හඳුන්වාදෙන ලදී.

කාන්තා හිංසනයට එරෙහිව මෙසේ ප්‍රසිද්ධ හස්ත සංඥා තුනක් හඳුන්වාදෙන ලද්දේ ලොව පළමු වරට ය. ලොව මේ වනතෙක් තිබුණේ ප්‍රසිද්ධ හස්ත සංඥා 8ක් පමණක් වන අතර මෙම සංඥා තුනත් සමග එය 11ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම සයිබර් අවකාශය තුළ සිදුවන කාන්තා හිංසනයන්ට එරෙහිව මෙම හස්ත සංඥා තුන “ඉමෝජි” ආකාරයෙන් ද හඳුන්වා දෙන බව එහිදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share with your friends :