27 C
Colombo
19/01/2025

අනධ්‍යන සේවක වැටුප් වැඩිකලොත් රජයේ වෘත්තීය සමිතිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට

Share with your friends :

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව \ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

කෙසේවෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 08 වන දිනටත් ක්‍රියාත්මක කෙරේ.

සිය ගැටලු සඳහා එළඹෙන සඳුදා දිනය වනවිට නිශ්චිත විසඳුමක් ලබානොදුන හොත් වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කරමින් අත්‍යවශ්‍ය සේවාවලින් ද ඉවත් වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
විශ්ව විද්‍යාලවල රෙජිස්ටාර් වරුන්ගේ සිට ලිපිකරු , රියදුරු , කම්කරු ආදී සියලු ශ්‍රේණි අයත්වන්නේ මේ අනධ්‍යන කාර්ය මණ්ඩල වලටය. රජයේ සාමාන්‍ය උපාධිධරියකුගේ දීමනා හා වැටුප්වල එකතුව රුපියල් පනස්දහසක් පමණවේ. රජයේ සාමාන්‍ය ලිපිකරුවෙකුගේ දීමනා සහිත වැටුප රුපියල් හතලිස් දහසක් පමණවේ. සාමාන්‍ය රජයේ කම්කරුවෙකුගේ දීමනා සහිත වැටුප රුපියල් තිස්පන්දහසක් පමණවේ. එහෙත් මේ අනධ්‍යන කාර්ය මණ්ඩල නාමය නිසා විශ්ව විද්‍යාල වල කම්කරු ,රියදුරු , ලිපිකරු වැටුප් හා දීමනා වල එකතුව රුපියල් ලක්ෂයත් එකහමාරත් අතර වේ.
රටේ පොදු ශ්‍රේණි සඳහා වැටුප් වැඩිවීමක් ලබා දෙනු වෙනුවට මෙසේ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා බව පවසමින් වැටුප් ලබාදෙන්නට යාම ජාතික අපරාධයකි.
මේ අනධ්‍යන කාර්ය මණ්ඩලවල ඇතැමුන්ගේ සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන බරපතල ප්‍රශ්න තිබේ. ඇතැමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ප්‍රශ්න ඇත. ඇතැම් අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම සාමාන්‍ය පෙළ විෂයන් හයක් සමත්වීම පමණි.විශ්ව විද්‍යාල රැසක පිරිසිදු කිරීමේ කටයුතු පුද්ගලික අංශයට පවරාදීම නිසා ඇතැම් අනධ්‍යන සේවකයන් කරන්නේ පන්ති කාමර විවෘත කිරීම හා වසා දැමීම පමණක් බව පැවසේ. මේ නිසා මේ පිරිස් වල වැටුප් වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවයට කරන දැඩි අසාධාරණයකි. ඔවුන් ඊට එරෙහිව වැඩ වර්ජන වල යෙදෙන්නේ නම් රජයට බඳවා ගෙන ඇති අතිරික්ත උපාධිධාරීන් යොදවා එම කටයුතු සිදු කරගන්නට රජයට හැකියාව තිබේ.
මේ අතර අනධ්‍යන සේවක වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව රජයේ සෙසු සේවක වැටුප් වැඩි නොකළහොත් රජයේ සේවක වෘත්තීය සමිති ගණනාවක්ද දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමේ අවදානමක් පවතී.

Share with your friends :