පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ව්යාපාරික ධම්මික පෙරේරාද යන්න සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතා බහක් පවතී. පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් විවිධාකාර වලින් ඔහු ගැන කියවෙන ආකාරයක්ද දැකිය හැකි විය.
මේ අතර මෙවර පොහොට්ටුවේ මැයි දින රැලියේ වැඩිම අවධානය දිනාගත්තේ ධම්මික පෙරේරාය. පොහොට්ටුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මිකට ලැබෙන බවට පැතිරයන ආරංචි මීට හේතුවී තිබේ. පොහොට්ටුවේ මැයි රැලියේ ඉදිරියෙන් ඔහු අසුන් ගෙන සිටියේ බැසිල් රාජපක්ෂ සහ නාමල් සමගය.
මේ නිසා පොහොට්ටුවේ ආධාරකරුවන් මෙන්ම විවිධ දේශපාලනඥයෝද ධම්මික පිරිවරාගෙන ඒ සම්බන්ධයෙන් විමසා තිබේ. එහෙත් ඊට සිනහවකින් පිළිතුරු දීම මිස වෙනත් කිසිවක් ප්රකාශ නොකරන්නට මෙහිදී ධම්මික කටයුතු කර තිබිණි.කෙසේ වෙතත් රට ගොඩනගන සැලසුම් ගොන්නක් මේ වන විට ධම්මික සුදානම් කරමින් සිටින බවට ආරංචි පැතිර යමින් පවතී.
next post