27 C
Colombo
20/01/2025

ගම්මන්පිලට බියෙන් නන්දලාල් අස්වෙයිද ?

Share with your friends :

ශ්‍රී ලංකා මහබැංකුව 2023 වසරේ රුපියල් බිලියන 114ක් ශුද්ධ අලාභයක් ලබා ඇති අතර එසේ අලාභ ලබන අතර මහ බැංකු කාර්ය මණ්ඩලය සදහා දැවැන්ත වැටුප් වැඩිවීමක් සිදු කල මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගමම්න්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

2023 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන දැවැන්ත පසුබෑමක්

අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය නැතිනම් ඩොලර් අර්බූදය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි පිටරටට බඩු විකුණලා අපනයන ආදායම වැඩි කර ගැනීම. නමුත් ආණ්ඩුව කර ගැනීමට අසමත් වෙලා තිබෙන්නෙත් ඒකමයි. 2018න් පසු අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 දී. විදුලිය පැය 12ක් කපපු දින ගණන් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් තිබුණු 2022ට වඩා ඩොලර් මිලියන 1,200කින් අඩු වෙලා. මේකට ප්‍රධානම හේතුව විදුලි බිල දරා ගන්න බැරිව කර්මාන්ත ශාලා වසා දැමීමයි කියලා අපට කියන්නේ මහ බැංකු වාර්තාවමයි. වාර්තාවට අනුව ඒක පුද්ගල විදුලි පරිභෝජනය රට කළුවරේ තිබුණු 2022 දී ඒකක 655යි. නමුත් විදුලි කප්පාදුවක් නොතිබුණු 2023 දී 642 දක්වා පහත වැටිලා. හැබැයි විදුලි බල මණ්ඩලය නම් රුපියල් බිලියන 61ක් ලාභ ලබලා. කර්මාන්ත වසා දමලා රස්සාවල් නැති කරලා අපනයන කුඩු පට්ටම් කරලා ලබන ලාභය කුමැටැ කියලයි අපට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙන්නේ.

දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු. කර්මාන්ත වැහිලා ගිහින් අපනයන ආදායම වැටිලා රැකියාවල් නැති වුණාට පස්සෙ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. නමුත් අපි සම්මන්ත්‍රණ තියලා මාධ්‍ය හමු තියලා අනවශ්‍ය විදුලි බිල වැඩි කිරීමේ ආදිනව කිව්වත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කලේ නෑ.

මොකද 100%ට 1018%කින් විදුලි බිල වැඩිකග වෙලාවේ අපි සම්මණ්ත්‍රන දෙකක් තිබ්බා. ලිපි ලිව්වා. මාධ්‍ය හමු තිබ්බා. අපි කිව්වා අනවශ්‍ය ආකාරයෙන් විදුලිබිල වැඩි කිරීම නිසා මේ ආනිසංසය සිද්ධවෙයි කියලා. පිරිවිය නිරූප්ත මිල කියන සංකල්පය අපි ඉදිරිපත් කලේ නමුත් මේ විදිහට අතීතයේ පාඩුත් කපාගන්න මේ විදිහට විහාල වශයෙන් විදුලි බිල වැඩිකිරීමෙන් මේ දේ වෙයි කියලා අපි කිව්වා. විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතක අපේ අපනයන ආදායම කඩා වැටෙමින් පවතිනවා.

දැවැන්ත වැටුප් වැඩිවීම් දුන් මහ බැංකුව පාඩු ලබයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි. ඒ වගේම ලාභ ලැබුවත් මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. මහ බැංකුව ලාභ ලබන පළමු ක්‍රමය තමයි ආණ්ඩුවට සහ බැංකුවලට ණයට සල්ලි දීලා පොලී ආදායම ලැබීම. සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරිය මහ බැංකුවට තිබෙන නිසායි එහෙම ණයට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නිල විදේශ විනිමය සංචිතය කළමනාකරණයෙන් ලැබූ ලාභත් මහ බැංකුවේ ආදායමක්. ඒ කියන්නේ මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. ඒ නිසා රටම රවටලා තමන් මහජන මුදලින් නඩත්තු වෙන්නේ නෑ කියන බොරුව කියමින් පාඩු ලබන අතරේ වැටුප් වැඩිවීම් කලාට මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි.

වතු කම්කරුවන්ට රු1,700ක වැටුප් වැඩි කිරීම ඡන්ද ගුණ්ඩුවක් පමණයි

වැවිලි සමාගම් සමග කිසිම සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව එක පාරට රු1000/- තිබුණු කම්කරු වැටුප 1,700ට ඒ කියන්නේ 70%කින් වැඩි කලා. පසුගිය වසර දෙක තුල ඩොලරය රුපියල් 371 සිට රු 300 දක්වා 24%කින් අඩු වෙලා තිබෙනවා. ඩොලරය පහළ බහින කොට තේ රබර් පොල් ආදායම නිකන්ම 24%කින් අඩු වෙනවා. එතකොට තමන්ගේ ආදායම අඩු වෙලා වියදම් කලමනාකරණය පිළිබඳ වැවිලි සමාගම් අර්බූදයක ඉන්න අවස්ථාවක තමයි ඒ අයත් සමග කිසිම සාකච්ඡාවකින් තොරව මේ වැටුප් වැඩි කිරීම කලේ. අනිවාර්රයෙන් මේ වැටුප ගෙවන්න බෑ කියලා සමාගම් නඩු දානවා. නඩුව යන අතරේ “අපි වැටුප් වැඩි කලා, සමාගම් නඩු දැම්මා, නඩුව අවසන් වුණු වහාම මේ 70% වැටුප ඔබට ලැබෙනවා” කියමින් ජනපතිවරණයේ දී වතු කම්කරු දැවැන්ත ඡන්ද කුට්ටිය තමන්ගේ ගොඩට දා ගන්න අටවපු උගුලක් විතරයි මේ වැටුප් වැඩිවීම.

– Media unit

Share with your friends :