රජයේ ආයතන වලට කුලී පදනම් මත ලබාගෙන ඇති වාහන සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 2.5ක මුදලක් ගෙවන බව හෙළිවී තිබේ.
එම මුදල කුලී පදනම මත ලබා ගත් වාහන 4427ක් සඳහා ගෙවයි.
මේ අතර රාජ්‍ය ආයතන වල ධාවන තත්ත්වයේ පවතින වාහන 69121ක් පවතින බව ද හෙළි වී ඇත.
එම වාහන අතරින් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල භාවිතය සඳහා වාහන 17954 ක් ලබා දී ඇත.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට මුදල් අමාත්‍යාංශය විසින් සභාගත කරන ලද පිළිතුරේ මේ බව දැක්වෙයි.