ජනවරමක් නොමැති ආණ්ඩුවකට ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ආදී ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරු ව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා ය.
බැංකු සේවක සංගමය, ජාතික විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ රක්ෂණ සංස්ථාව නියෝජනය කරමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ඊයේ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හමු විය.
ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මෙම හමුවේ දී එම ආයතන වර්තමානයේ මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
මේ අතර, ටෙලිකොම් වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ද පසුගිය දා ප්රවෘත්ති සාකච්ඡාවකට එක් විය.