ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ රාජ්ය ආදායම ඉහල දැමීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
රාජ්ය ආදායමෙන් ඉහල දැමීමේ ක්රම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ඇති බවත් හෙතෙම පැවසීය.
රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහාද රාජ්ය ආදායම ඉහල නංවා ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල කාර්යක්ෂමතාව ඉහළ නවා ඊට තාක්ෂණයද එක් කළහොත් ඒ හරහා ලැබෙන ආදායම දෙගුණයකින් වැඩි කර ගත හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.