27 C
Colombo
18/01/2025

විදුලි බිල ලඟදීම වෙනස් වෙන්නේ මෙහෙමයි

Share with your friends :

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පාරිභෝගිකයන්ට ලැබුණු විදුලි බිල හෝ ඊට වඩා අඩු විදුලි බිලක් ලබා දීම සඳහා වූ යෝජනාව මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට භාර දී ඇති බවත් ගෘහස්ථ පාරිභෝගිකයකුට විදුලි බිල 18%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව රුපියල් 5000ක විදුලි බිල්පතක් ලැබුණු ගෘහස්ත පාරිභෝගිකයකුට රුපියල් 4000ක පමණ දක්වා එම බිල්පත අඩුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය 21 වැනිදා බදාදා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ ඇමැති කංචන විජේසේකර පැවසුවේ 2023 වසරේ අගෝස්තු මාසයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ කමිටුව ඇතුළු ආයතන විසින් ඉදිරි නියඟය සම්බන්ධව ලබා දුන් පුරෝකථන ඔස්සේ ජලය අඩුවෙන් භාවිත කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව ජල විදුලිය අඩුවෙන් නිපදවීම මත ඔක්තෝබර් මාසයේ සිට ගෘහස්ත හා ආගමික ස්ථානවල විදුලි බිල 18%කින් වැඩි කිරීමට සිදු වූ බවත් කර්මාන්ත හා හෝටල් කාණ්ඩයේ විදුලි බිල සියයට 12කින් සහ රජයේ ආයතන, පොදු ගොඩනැඟිලි කාණ්ඩයේ විදුලි බිල සියයට 24කින් වැඩිකිරීමට සිදු වූ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නා.

එසේ වුවත් පසුගිය වසර 5කදී නොලැබුණු වර්ෂාපතනයක් පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු ජනවාරි මාසය දක්වාම ලැබුණු හෙයින් ජලවිදුලි ජනන කටයුතු පහසු වූ නිසා විදුලි බිල 3%කින් අඩු කිරීමට සැලසුම් කළ බවද හෙතෙම කියා සිටියා.

එසේ වුවත් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය උපදෙස් ලබා දුන්නේ අදාළ පාර්ශ්වයන් කැඳවා එම විදුලි බිල තව දුරටත් අඩු කර ජනතාවට සහන ලබා දිය හැකි අංශ ගැන සොයා බලන ලෙස බවත් ඒ අනුව පසුගිය දෙසැම්බර් 15 වැනිදා එසේ පාර්ශ්වකරුවන් කැඳවූ අවස්ථාවේදී ඔවුන් විදුලි බිල තව දුරටත් අඩු කළ හැකි අවස්ථා පෙන්වා දුන් බවද ඇමැතිවරයා පැවසුවා.

එසේම පසුගිය 15 වැනිදා ද තවත් සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වූ බවත් ඒ අනුව අවශ්‍ය ගාස්තු අඩු කිරීමට අදාළ සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර එම අඩු කිරීමේ නිර්දේශ පෙබරවාරි 22 වැනිදා මහජන උපයෝගිතා කොමිසමට බාර දුන් බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම, අඩුම මිලට ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු මිලදී ගැනීමට හැකිවීම, ඇතැම් ණය ගෙවා අවසන් කිරීම, ණය පොලිය අඩුවීම, නැප්තා දැවිතෙල් අඩු මිලට හිමිවීම වැනි වියදම් සැලකිය ලෙසින් අඩු කර ගැන්මට හැකිවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට හැකි වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

අදාළ සියලු පාර්ශ්වකරුවන් ගෙන්වා සාකච්ඡා කළද විපක්ෂ නායකවරයා හෝ මන්ත්‍රීවරයකු හෝ ඊට සහභාගි නොවූ බව ද ඔහු පවසා සිටියා.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදාළ ක්ෂේත්‍රවල විද්වතුන් සහ වෘත්තිකයන් ඇතුළු ප්‍රවීණයන් විසින් ඉදිරිපත් කළ යෝජනා සහ ඉකුත් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් වූ මහජන අදහස් ආදිය සලකා බැලීමෙන් පසු මෙම නව සංශෝධන යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp