පාසල් අවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මේවන විට මෙරට දැඩි ගැටළුවක් බවට පත්ව තිබෙනවා.
එවන් පසුබිමක ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙන් වාර්තා වන්නේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් මත් වූ පුවතක්.
මෙලෙස මත් වී ඇත්තේ එම කලාපයට අයත් ලිහිණිවැහැර ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනෙක්.
මෙම දරුවන් සිව් දෙනා අසිහියෙන් යුතුව විද්‍යාලයේ ගසක් යට වැටී සිටිය දී හමු වී තිබෙනවා.
පසුව ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව සඳහන්.
රෝහල්ගත කර සිටින එක් සිසුවකුගේ තත්ත්වය බරපතළ බව යි කුරුණෑගල ශික්ෂණ රෝහල පැවසුවේ.
සිසුන් සිව්දෙනාම ලිහිණිවැහැර අවට පදිංචිකරුවන් වනවා.
මොවුන් කිසියම් හඳුනා නොගත් මත්පෙති වර්ගයක් පානය කිරීමෙන් මෙසේ පාසල තුළ සිහිසුන්ව සිටි බවට සැක කරන බවයි සිදුවීම පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන මදුරාගොඩ පොලිසිය පවසන්නේ.
සිසුන් පවසා ඇත්තේ කිසියම් පෙති වර්ගයක් ගස යට වැටී තිබී අහුලාගෙන පානය කළ බවයි.
එහෙත් මෙම පෙති කිසියම් වැඩිහිටියකු සිසුන්ට ලබා දුන්නේද යන්න පිළිබඳ සොයා බලන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
තවත් පුවත් > > >
තමන්ම රෑ නිදිකරවූ බිරිඳ පසුදා ඇඳේ සිටි අයුරු දුටු සැමියාට තරු පෙනෙයි
කැම්පස් අනාවරණයෙන් පසු කතරගම යාචකයන්ට සිදුවූ දේ
“මම ඒක භුක්තිවිඳලා ඉවරයි” – මහින්දගෙන් මාධ්‍යවේදීන්ට අමුතු පිළිතුරක්
TIN අංකය ගත්තෙ නැද්ද? ගැටලුව මෙන්න!
ඥාණසාර හිමි මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි