27 C
Colombo
18/01/2025

ශ්‍රීලන්කන් ගොඩගන්නවා වෙනුවට බලධාරීන් Fits Air පුම්බන ප්‍රතිපත්තියක

Share with your friends :

Fits Air ගුවන් සේවය සඳහා ශ්‍රීලංකාව තුල කේටරින් කටයුතු සිදු කර ගැනීම සඳහා අවසරය ලබාදී තිබේ. මෙතෙක් ඒ සඳහා අවසරය තිබුනේ ශ්‍රීලන්කන් ගුවන් සේවාවට පමණි. මේ තත්වය යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවය තවදුරටත් පාඩු ලැබීම වැළක්විය නොහැකි තත්වයක් වෙමින් පවතී.
මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා අවශ්‍යතරම් නොමැතිවීම හේතුවෙන් ඇතැම් ශ්‍රීලන්කන් ගමනාන්ත Fits Air ගුවන් සමාගමේ ගුවන් යානා කුලියට ගෙන් ඔවුන් ලවා සිදු කරන්නට ශ්‍රීලන්කන් ගුවන් සේවය කටයුතු කර තිබේ.
Fits Air යනු කලින් එක්ස්පෝ ඒවියේෂන් නමින් හැඳින්වුණු ගුවන් සමාගමයි. එහි සියයට පනහක කොටස් ජපාන සමාගමකට අයත්වේ.
Fits Air සමාගමට සේවය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් ඉවත්වූ ගුවන් නියමුවන් හා ගුවන් සේවකසේවිකාවන් එක්ව සිටිති.
මොවුන් සඳහා වැටුප් ගෙවීම ඩුබායි හි පිහිටුවන ලද සමාගමක් හරහා සිදු කරන අතර ඒ හේතුවෙන් මෙම ගුවන් නියමුවන් හා ශ්‍රීලාංකික සේවක සේවිකාවන් හා ශ්‍රීලංකාවට බදු ගෙවීමක් සිදු කරන්නේ නැත. ශ්‍රීලංකාවේ උපයන විට බද්ද නොගෙවීම සඳහා අදාළ සේවක සේවිකාවන් වසරකට දින 180 කට වඩා විදෙස් රටක ජීවත් විය යුතු වුවද ඔවුන් වසර පුරා ශ්‍රීලංකාවේ ජීවත් වෙමින් ශ්‍රීලංකාවේ ලියාපදිංචි ගුවන් සේවයක් වන Fits Air හි සේවය කරමින් විශාල බදු වංචාවක නිරත වේ.
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් වැටුපෙන් සියයට 36 ක් බදු ගෙවද්දී ශ්‍රීලංකාවේ ලියාපදිංචි Fits Air ගුවන් සේවයේ සේවක සේවිකාවන් කිසිදු බදු මුදලක් නොගෙවා ඩුබායි හි සමාගමකින් වැටුප් ලබමින් සිටිති.

Share with your friends :