සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇත.
ඔහුව රඳවා සිටියේ “Yamalo-Nenets” ප්‍රදේශයේ පිහිටි සිර කඳවුරක ය.
රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි.
පසුව ක්ලාන්ත වී ඇති ඔහු ඊට සුළු වේලාවකට පසුව මියගොස් තිබුණි.
පුටින්ට එරෙහි අරගලයේ ඉදිරියෙන්ම සිටි ඔහුව ඝාතනය කිරීම සඳහා රුසියානු ඔත්තු සේවා කීප වරක් උත්සහ ගත් අතර ඒවා අසාර්ථක විය. පසුව දේශපාලන හේතුමත ඔහුව 2021 සිට සිරගත කර තිබිණි.