හිටපු ජනාධිපති , ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇෆ්රීන් අක්ටෙර් අතර විශේෂ සාකච්ඡාවක් අද (14දා ) ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC හිදී පවත්වන ලදී.මෙහිදී දෙරට අතර ද්වීපාර්ශ්වික සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සජින් වාස් ගුණවර්ධන ,මධ්‍යම කාරක සභික චමිල ලියනගේ යන මහත්වරුද සහභාගී වුහ.