27 C
Colombo
23/02/2025

ජනාධිපතිවරණය ගැන චන්ද්‍රිකාගෙන් විශේෂ ප්‍රකාශයක්

Share with your friends :

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කාර්යාලය සඳහන් කරයි.

පසුගිය දින කිහිපය පුරා ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ජනාධිපති අපේක්ෂකවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද හිටපු ජනාධිපතිනිය කියන්නීය.

මේ වන තුරු කිසිදු අපේක්ෂකයකුට සහාය ලබා දීමට තීරණය කර නැතැයි ද හිටපු ජනාධිපතිනී කාර්යාලය පවසයි.

Share with your friends :