27 C
Colombo
18/01/2025

සනත් නිශාන්තගේ අනතුර ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

Share with your friends :

– ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආන්දෝලනාත්මක සොයා ගැනීමක් සිදු කරගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව තහවුරු වී ඇත්තේ අදාළ අනතුර සිදුවන අවස්ථාවේ දී අමාත්‍යවරයා ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව යි.

අධික වේගයෙන් ධාවනය වී තිබූ අමාත්‍යවරයාගේ රථය ඉදිරියෙන් ගමන් ගත් කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදු වූ අතර අනතුරට පත් රථය පැදවූ අමාත්‍යවරයාගේ රියදුරු වන ප්‍රභාත් එරංග මහතා පොලීසියට සිදු කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට තහවුරු කරගෙන ඇති තොරතුරු වලට පරස්පර ප්‍රකාශයක්.

– තෙවැනි රථය

ඔහු පොලිසියට පවසා තිබුණේ තමන් පැදවූ වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි වාහනයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමට උත්සහ කළ බව යි.

එය සුදු පාට මෝටර් රථයක් බව ද ඔහු පවසා තිබුණා.

එම අවස්ථාවේ දී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට හැරවූ අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබූයේ.

– CCTV සාක්ෂිය

රියදුරුවරයාගේ මෙම ප්‍රකාශය මුල්කරගෙන අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එදින එම අනතුර සිදුවූ කාල වකවානුව තුළ අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහන සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා දර්ශන ද නිරීක්ෂණය කර තිබෙනවා.

එහි දී ඔවුන් හට නිරීක්ෂණය වී ඇත්තේ සිදු වූ කාල පරාසය තුළ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර ඇත්තේ එක් සුදු පැහැති මෝටර් රථයක් පමණක් බවයි.

කෙසේ වෙතත් එම රථය ජා-ඇළ පසුකරමින් කොළඹ දෙසට ගමන් කර ඇත්තේ මෙම අනතුර සිදුවීමට බොහෝ වේලාවකට පෙර ද බව නිරීක්ෂණය වී තිබෙනවා.

එම මෝටර් රථයේ රියදුරු හඳුනාගෙන ඔහුගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

එහි දී එම රියදුරා පවසා ඇත්තේ තමා සාමාන්‍ය වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළා මිස අධික වේගයෙන් වාහනය ධාවනය නොකළ බවයි.

එමෙන්ම තමා වාහනය ධාවනය කරන කාල පරාසය තුළ රිය අනතුරක් හෝ එවැනි කිසිදු සිදුවීමක් නොවූ බව ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කර ඇති බව යි වාර්තා වන්නේ.

– කන්ටේනර් රියදුරු කියන දේ

මේ අතර මෙම අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියදුරුගෙන් ඊයේ (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය පහක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

එහි දී එම රියදුරු ද පවසා ඇත්තේ අනතුර සිදු වූ අවස්ථාවේ දී සුදු පැහැති හෝ වෙනත් කිසිදු මෝටර් රථයක් කන්ටේනර් රථය ඉස්සර කර මින් ගමන් කළ බවට තමන්ගේ මතකයේ නොමැති බව යි.

දීර්ඝ වශයෙන් කන්ටේනර් රථ රියදුරුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී වෙනත් රථයක් රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ මෝටර් රථය ඉස්සර කිරීමට උත්සහ කර නොමැති බව යි.

– බිරිඳගේ සැකය

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වන චමරි පෙරේරා මහත්මිය පසුගිය 07 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණු කරනු ලැබුවා.

ඇයගේ එම පැමිණිල්ල ද මෙම විමර්ශනවලට හේතු වී ඇති බව යි පුවත් ආරංචි මාර්ග සඳහන් කළේ.

සනත් නිශාන්ත මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවසා තිබුණේ අදාළ රිය අනතුර ආකාරය පිළිබඳව මෙන්ම එම අවස්ථාවේ රිය පැදවූ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැති රියදුරුගේ හැසිරීම් සම්බන්ධව ද යම් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව යි.

ඒ අනුව සිය සැමියාගේ මරණය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස යි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් ඇය ප්‍රකාශ කළේ  අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරු ඍජුව ම ඉලක්ක කර ගෙන මෙම පැමිණිල්ල නොකළ බව යි.

තම ස්වාමිපුරුෂයාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදය ද සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් සනත් නිශාන්ත මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවලින් මතුවන මතවාද තම සිතට මහත් බලපෑමක් බවත් ඇය පවසා සිටියා.

එම නිසා මෙම අනතුරට සැබෑ හේතුව සොයා ගැනීම තම එක ම වුවමනාව බව ද ඇය පැවසුවා.

– මියයාමට පෙර ඇමති දුන් නියෝගය

මේ අතර පසුගිය 05 වැනි දා අමාත්‍යවරයාගේ රියදුරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තමරා අබේරත්න මහත්මිය අධිකරණයේ දී පවසා තිබුණේ සිය සේවාදායකයාට අධික වේගයෙන් රථය ධාවනය කිරීමට හේතු වී ඇත්තේ අමාත්‍යවරයා විසින්ම දුන් නියෝගයක් බව යි.

සනත් නිශාන්ත මහතාගේ රියදුරන් වශයෙන් තම සේවාදායකයාට අමතරව තවත් අයෙකු කටයුතු කළ බව ද නීතීඥවරිය ප්‍රකාශ කර ඇති අතර සිද්ධිය වු දින කුරුණෑගල හා හලාවත සාද දෙකකට අමාත්‍යවරයා සහභාගී වී ඇති බව ද පවසා ඇති බව සඳහන්.

මෙම සාද වලට සහභාගී වීමෙන් අනතුරුව රාත්‍රීයේ යළි කොළඹ යෑම දැඩි වෙහෙසකර කටයුත්තක් වන හෙයින් අනිත් රියදුරුට රථය බාරදීමේ අරමුණීන් ඔහුට හලාවතට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණ නොතිබූ බව යි නීතීඥ තමරා අබේරත්න මහත්මිය පවසා ඇත්තේ.

එබැවින් තම සේවාදායකයාටම රථය පදවාගෙන කොළඹ පැමිණීමට සිදුවුණු බව ඇය පවසා තිබෙනවා.

තමරා අබේරත්න මහත්මිය වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ හලාවත සිට පැය එක හමාරක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා සිය රියැදුරාට නියෝග කර තිබූ බවයි.

මේ හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබුණු බව ද නීතීඥවරිය ප්‍රකාශ කොට ඇති බව යි වාර්තා වන්නේ.

සබැඳි පුවත් > > >

සනත් නිශාන්තගේ බිරිඳගේ සැකය නිසා අනතුරේ කන්ටේනර් රියැදුරුට අද සිදුවූ දේ
සනත් නිශාන්තගේ මරණය සැකයි කියූ බිරිඳ දැන් කියන කතාව
සනත් නිශාන්තගේ මරණය ගැන සැකයක් – CIDය බිරිඳ වෙත එයි
අනතුරට හේතුව සනත් නිශාන්තගේම නියෝගයක්? අධිකරණයේදී හෙළි වූ කරුණු මෙන්න!
සනත් නිශාන්තගේ බිරිඳ ගැන පොහොට්ටුවෙන් තීරණයක්
මියගිය සනත් නිශාන්තට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග

 

Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp