27 C
Colombo
18/01/2025

සනත් නිශාන්තගේ බිරිඳගේ සැකය නිසා අනතුරේ කන්ටේනර් රියැදුරුට අද සිදුවූ දේ

Share with your friends :

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීවරයාට මරු කැඳවමින්, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ මාරක රියඅනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරාගෙන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය අධික වේගයෙන් ධාවනය වී එම දිශාවටම ධාවනය වූ අදාළ කන්ටේනර් රථයේ ගැටී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කන්ටේනර් රථ රියැදුරාගෙන් පැය 05ක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සැකයක් පවතින බව ඔහුගේ බිරිඳ වන චමරි පෙරේරා මහත්මිය පසුගිය 07 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණු කරනු ලැබුවා.

කන්ටේනර් රියැදුරාගෙන් අද  මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ ඒ අනුවයි.

සනත් නිශාන්ත මහතාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවසා තිබුණේ අදාළ රිය අනතුර ආකාරය පිළිබඳව මෙන්ම එම අවස්ථාවේ රිය පැදවූ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැති රියදුරුගේ හැසිරීම් සම්බන්ධව ද යම් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව යි.

ඒ අනුව සිය සැමියාගේ මරණය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙස යි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් ඇය ප්‍රකාශ කළේ  අනතුර සිදු වූ අවස්ථාවේ ජීප් රථය පැදවූ රියැදුරු ඍජුව ම ඉලක්ක කර ගෙන මෙම පැමිණිල්ල නොකළ බව යි.

තම ස්වාමිපුරුෂයාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් නිර්මාණය වූ සමාජ මතවාදය ද සැලකිල්ලට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් සනත් නිශාන්ත මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පාර්ශවලින් මතුවන මතවාද තම සිතට මහත් බලපෑමක් බවත් ඇය පවසා සිටියා.

එම නිසා මෙම අනතුරට සැබෑ හේතුව සොයා ගැනීම තම එක ම වුවමනාව බව ද ඇය පැවසුවා.


සබැඳි පුවත් > > >


Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp