27 C
Colombo
18/01/2025

NLDB-පුද්ගලීකරණය කරන රජයේ දේපල යලි පවරා ගන්නා බව මාලිමාව කියයි

Share with your friends :

ඉන්දියාවේ අමුල් සමාගමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට-NLDB අයත් ඉඩම් අක්කර විසි අටදහසක් ඇතුළු සම්පත් රැසක් කුණු කොල්ලයට වත්මන් රජය අලෙවි කිරීමට සූදානම් වන්නේ යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේපනයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

තවත් මාස හයකින් බිහිවන මාලිමා රජයක් යටතේ එම ඉඩම් ඇතුළු සියලු දේපොළ නැවත පවරා ගැනීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ එම ඉඩම් අලෙවිට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් තැබීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

මෙරට පාලකයන්ට තුට්ටු දෙකක් අත මිට මොනවා එම සම්පත් මිලදී ගන්නා අමුල් සමාගමට ද අනතුරු අඟවා සිටින බවද ඔහු එහිදී තවදුරටත් අවධාරණය කලේය.
මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිස පසුගිය සතියේ ඉන්දියාවේ සංචාරයක නිරතවූ අතර එම පිරිස අමුල් සමාගමේ චාරිකාවකද නිරත වුහ.

Share with your friends :