27 C
Colombo
18/01/2025

ඉම්රාන් ජයගත්තත් පකිස්ථානයට ආණ්ඩුවක් පිහිටුවීමට බැහැ

Share with your friends :

සිරගත කර සිටින පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ආසන 97 ක් ලබා මහා මැතිවරණය ජය ගෙන තිබේ.
PTI පක්ෂය මෙවර මහමැතිවරණයේ දී ස්වාධීනව තරග කර මෙම ආසන 97 ක් ලබා ජයග්‍රහණය කළේය. ඔහුගේ පක්ෂය තහනම් කර තිබීම නිසා මෙසේ ස්වාධීනව තරග කරන්නට සිදු විය.කිසිවකු බහුතරයක් ලබා ගෙන නැති නිසා දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබේ. බහුතරය සඳහා ආසන 134 ක් අවශ්‍යවේ. එරට පාර්ලිමේන්තුවේ මහජන ඡන්ද යෙන් තේරී පත් වන මන්ත්‍රී සංඛ්‍යාව 265 කි.
එම මන්ත්‍රීවරුන්ට නව පක්ෂයක් ලෙස එක්ව රජයක් පිහිටුවීමට පකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාව තිබේ.
පකිස්ථානු හමුදා නායකත්වයද රට වෙනුවෙන් එක්වන ලෙස දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇත.
පක්ස්ථානයේ පැවති දුෂිතම මැතිවරණය ලෙස ඉතිහාසගතවන මෙම මතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම පවා බොහෝ ප්‍රමාද විය. ඉම්රාන් ඛාන් AI ඔස්සේ ජනතාව ඇමතීය. මේ අතර නවාස් ෂෙරීෆ් පවසන්නේ තම පක්ෂය වැඩිම ආසන ගණනක් ලබා ඇති බවය. ඔහුගේ PMLN පක්ෂය ආසන 76 ක් ලබා තිබේ. ඝාතනයට ලක්වුණු හිටපු පකිස්ථානු අගමැතිනි බෙනාසීර් බුතෝගේ පක්ෂය වන PPP පක්ෂය ආසන 54 ක් ලබා තිබේ.
පකිස්තානු මහා මැතිවරණය පවත්වන ලද්දේ එරට අන්තර්ජාල සේවා සහ ජංගම දුරකථන සේවා සියල්ල ක්‍රියාවිරහිත කරමිනි.

Share with your friends :