27 C
Colombo
18/01/2025

යුක්තිය මෙහෙයුමට ඉදිරියේදී වෙන දේ ගැන පොලිස් ඇමතිගෙන් ඉඟියක්

Share with your friends :

තමන් මෙරට භාර ගත්තේ රටම ගිනි ගොඩක් වී තිබූ අවස්ථාවක බව මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් දින කිහිපයකට පසු එවකට සිටි ජනාධිපතිවරයා ඉවත් වූ බවත් අරගලකරුවන් කොළඹ නගරය අල්ලාගෙන තිබූ බවත් ඔහු සඳහන් කරනවා.

මෙය සම්පූර්ණයෙන් අවසන් කළ යුතු බවට තමන් එහි දී කල්පනා කළ බව යි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව “ගෝටා ගෝ ගම” එම ස්ථානයෙන් ඉවත් කිරීමට තමන් තීරණය කළ බවත්, එතැනින් ආරම්භ කරමින් කොළඹ සන්සුන් කිරීමට හැකි වූ බවත්, එපමණක් නොව රට තුළ සියළු මාර්ග විවෘත කළ බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේ නොකළේ නම් තවමත් ජනතාව ඉන්ධන පෝලිම්වල සිටින්නට තිබූ බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම “යුක්තිය” වැඩසටහන අභියෝගයක් බව ද ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසුවා.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ කවුරු කිව්වත් තමන් අමාත්‍ය ධූරයේ සිටින තාක්කල් “යුක්තිය” මෙහෙයුම නතර නොකරන බව යි.


සබැඳි පුවත් > > >


Share with your friends :