27 C
Colombo
18/01/2025

වාහන උස්සන සීසර්ලාට වැඩ වරදියි – අලුත් නීතිය මෙන්න

Share with your friends :

මින් පසු ලීසිං සමාගම් හට මැර බලය යොදාගෙන වාහන රැගෙන යාමේ අවස්ථාව නොලැබෙන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසූවේ නව චක්‍රලේකයක් හේතුවෙන් ලීසින් පදනම මත වාහන ලබා ගත් ජනතාවගේ අයිතීන් මින් ඉදිරියට සුරැකෙනු ඇති බව යි.

පොතුපිටිය මහතා එහි දී මෙලෙස අදහස් පළ කළා.

“පහුගිය දවස්වල පොලිස් ස්ථාන 102කට ආසන්න ප්‍රමාණයක් සීසර්ලට සහ ලීසින් ආයතනවලට පක්ෂපාතීව කටයුතු කළා. අපි වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලුවා, ඉතා කඩිනමින් මේ චක්‍රලේකය සංශෝධනය කළ යුතුයි කියලා. සංශෝධනය නොකළොතින් මේ රටේ ජනතාවගේ දේපළ කොල්ලකන්න මේ මැර කණ්ඩායම් ඉදිරියටත් කටයුතු කරනවා කියලා.

2024 පෙබරවාරි මස 08 වැනි දින වැඩ බලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව මෙන්න මේ චක්‍රලේකය ඊයේ දිනයේදී ලැබුණා. ගැනුම්කරු ප්‍රතිරෝධයක් දැක්වුවෝතින් බලහත්කාරයෙන් කිසිදු වාහනයක් ගන්න බෑ. අද තමන්ගේ දරුවා ඇදලා දාලා වාහන අරන් ගියා. අවස්ථා කිහිපයකදී තරුණයෝ දෙතුන්දෙනෙක් මරලා දැම්මා”


සබැඳි පුවත් > > >


Share with your friends :

Related posts

පෙත්තක් නිසා දැරියකට නොසිතූ ඉරණමක් – දෙමාපියන්ට ඇස් ඇරෙන පාඩමක්

sp

කැබිනට් මණ්ඩලයට 25යි – විජිතට ප්‍රබල ඇමතිකමක් ලැබෙන ලකුණු!

sp

විදෙස් රැකියාවලට යන කාන්තාවන්ට අලුත් නීතියක්

sp

වැඩිම වියදම රාජිකාගෙන්! මාසයක් තුළ මන්ත්‍රීවරුන්ට වියදම් කළ මුදල මෙන්න!

sp

සෑම ඉන්ධන පිරවුම්හලකම අද සිට මිල වෙනස් වන්නේ මෙහෙමයි

sp

මළ සිරුරක් සමග දින ගණනක් එකට සිටි බිරිඳක් පානදුරෙන් හමුවෙයි

sp

ඇමති 2000ට දෙන්න ගිය තැඹිලි ගෙඩි ඇතුලේ වල්ලපට්ටා දැම්මාදැයි ගැටලුවක්!

sp

මාලිමා ආණ්ඩුවේ ඇමති මණ්ඩලය අනුර කුමාර පළමුවරට හෙළිකරයි (VIDEO)

sp

කලිසමක් ඇන්ද නිසා තරුණියක් අමානුෂික ලෙස මරාදමයි

sp