ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල නිරත වන ඕස්ට්‍රේලියානු නිල සංචාරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් එක්ව සිටී. ඒ සඳහා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා තලතා අතුකෝරාලට ද ආරාධනා ලැබුනද සජබ උද්ඝෝෂණයට පහරදීමට විරෝධය පා ඔවුහු එම ගමනට සහභාගී නොවුහ.
ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ පර්ට් නුවර පැවැත්වන සාගර ආරක්ෂක සමුළුවට මේ දිනවල සහභාගි වෙයි.
මෙම සමුළුවට සහභාගි වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතා ද එක්ව ඇත.
මීට පෙර ජනාධිපතිවරයා සමග උගන්වා සංචාරයට මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා සහභාගි වූ අතර ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු සංචාරයට වඩිවෙල් සුරෙස් මහතාත්, කියුබානු සංචාරයට අජිත් මානපෙරුම මහතාත් එක්ව සිටියහ.