27 C
Colombo
18/01/2025

මැතිවරණ ජයත් සමග ඉම්රාන් ඛාන්ට ඇප – නව රජය පිහිටුවීම කල් යන ලකුණු

Share with your friends :

බන්ධනාගාරගත ව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු කිහිපයකට අදාළව ඇප නියම වී තිබේ.
ඔහුගේ PTI පක්ෂය මෙවර මහමැතිවරණයේ දී ස්වාධීනව තරග කර දැනට ආසන සියයක් ලබා ජයග්‍රහණය කර සිටී. ඔහුගේ පක්ෂය තහනම් කර තිබීම නිසා මෙසේ ස්වාධීනව තරග කරන්නට සිදු විය.
එම මන්ත්‍රීවරුන්ට නව පක්ෂයක් ලෙස එක්ව රජයක් පිහිටුවීමට පකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාව තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාට නඩු 12කට අදාළව ඇප නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් තවත් චෝදනා කිහිපයකට වරදකරුවීම හේතුවෙන් ඔහුට තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවෙයි.

ඉම්රාන් ඛාන්ට අමතරව පාකිස්තාන හිටපු විදේශ කටයුතු අමාත්‍ය ශා මහමුද් කුරේෂිට ද චෝදනා 13කට ඇප නියම කර ඇති නමුත් ඔහුට ද තවදුරටත් බන්ධනාගාරගත ව සිටීමට සිදුවේ.
පකිස්ථානු හමුදා නායකත්වයද රට වෙනුවෙන් එක්වන ලෙස දේශපාලන පක්ෂ වලින් ඉල්ලා ඇත.
පක්ස්ථානයේ පැවති දුෂිතම මැතිවරණය ලෙස ඉතිහාසගතවන මෙම මතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම පවා බොහෝ ප්‍රමාද විය. ඉම්රාන් ඛාන් AI ඔස්සේ ජනතාව ඇමතීය. මේ අතර නවාස් ෂෙරීෆ් පවසන්නේ තම පක්ෂය වැඩිම ආසන ගණනක් ලබා ඇති බවය. ඔහුගේ PMLN පක්ෂය ආසන 72 ක් ලබා තිබේ. ඝාතනයට ලක්වුණු හිටපු පකිස්ථානු අගමැතිනි බෙනාසීර් බුතෝගේ පක්ෂය වන PPP පක්ෂය ආසන 54 ක් ලබා තිබේ.
පකිස්තානු මහා මැතිවරණය පවත්වන ලද්දේ එරට අන්තර්ජාල සේවා සහ ජංගම දුරකථන සේවා සියල්ල ක්‍රියාවිරහිත කරමිනි.

Share with your friends :