මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ඇතැම් ගුරුවරුන් ලැප්ටොප් වැනි මිල අධික භාණ්ඩ පවා දෙමාපියන් හරහා මුදල් එකතු කර ලබා ගන්නා බවටද චෝදනා එල්ලවී තිබේ. එවන්දේ ඇතැම්විට පන්ති කාමරයේ භාවිතයට බව පවසා දෙමාපියන් ලවා මුදල් එකතු කර ලබා ගන්නා බවටද චෝදනා එල්ලවී තිබේ.
ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බව අමාත්‍යාංශය පවසයි.
මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ පියවර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.